නාමල් සහ ජානකී ලබන 23 තෙක් යළි රිමාන්ඩ්

Namal Rajapaksa Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 16, 2026 06:37 AM GMT
Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකාර ජානකී සිරිවර්ධන මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර, නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වන ඇප නියෝගය මෙතෙක් සූදානම් කර නොමැති බැවින් එය ඊළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.

ක්‍රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.