සතොස භාණ්ඩ මිල අඩු වීම ගැන, ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා, රූපවාහිනී නාලිකාවක වැඩසටහනට එක්වෙමින් සතොස භාණ්ඩ මිල අඩු වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා .
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෑතකදී සතොස භාණ්ඩ මිල කිහිප වරක් අඩු කරනු ලැබුවේ තමන්ගේ වාසියක් සඳහන් නොවන බවත් ලබන වසර වනවිට භාණ්ඩ මිල විශාල වශයෙන් අඩු කළ හැකි බවට තමා පුරෝකථනය කරන බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා..
"සතියෙන් සතිය අඩු කළේ අපිට වාසියක් ගන්න නෙමෙයි. අපි හිතලා එහෙම කරලා වාසිය එනවා නම් පාරිභෝගිකයාට ඒකත් එකක්. මාව අමතක වෙයි කවදාහරි. නමුත් වැඩපිළිවෙල හොඳ නම් ඒකට යනවා නම් ඒකත් කමක් නෑ. අපිත් භාණ්ඩ ලබාගන්නේ සතියකට අවශ්‍ය පරිදි. ඒ අනුව තමා මිල තීන්දු කරන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ කියන ඒවා එදිනෙදා අවශ්‍ය කරන ප්‍රමාණයන් විශාල ප්‍රමාණයක් ලබාගන්න ඕනේ සතොස ට.
ඒ වෙද්දි අපිට එන මිල එක්ක තමා අපි ඒ සහනය පාරිභෝගිකයාට ලබාදෙන්නේ. අපේ රටේ තිබුණේ අන්තර්ජාතිකව මිල වැඩිවීමටත් වැඩිය අසීමිතව ලාබයක් ගත්තා. ඒ වෙළෙඳපොළ සමතුලිතතාවය බිඳුන නිසා. මම කරේ වෙළෙඳපොළ සමතුලිතතාවය නැවත ඇති කිරීම පමණයි. අවශ්‍ය කරන ප්‍රමාණය ලංකාවට ගෙන්වීම. අවශ්‍ය කරන ප්‍රමාණය ලබාගන්න බැරි ඒවට විසඳුම් ලබාදීම, ඒ හරහා කරන ආනයනය කිරීම් හරියට කළමනාකරණය කිරීම පමණයි.
මේක වෙන ඒවා අරන් ගිහින් බඩු පෙන්න පෙන්න ගණන් අඩු කරන්න කිව්වට මට අඩු කරන්න බෑ. අඩු නොවෙන්න හේතු අරන් ඒවට ප්‍රතිකර්ම කරාම විතරයි මේක කරන්න පුළුවන්. මේ මාකට් එක හැමතිස්සේම වෙනස් වෙනවා. හැබැයි එයට අවශ්‍ය දේවල් වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කළමනාකරණය කරගන්න ඕනේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |