මම ඔහුව මුලින්ම දැක්කේ ෆේස්බුක් එකෙන්, අපි රඟපාන්න ආවේ විවාහ වුනාට පස්සේ-නදුනි කරුණාතිලක

Gossip Today SL Actress Gossips
By Sithumi Oct 22, 2022 03:23 PM GMT
Report

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ ආලෝකා ටීචර්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන නදුනි කරුණාතිලක මුලින්ම කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේ නිරාශාගේ චරිතය හරහායි. ඊට පස්සේ දියණි ටෙලිනාට්‍යයේ සචිනි සහ රිතූ විදිහටත් අපට ඇයව දැකගන්න ලැබුණා. 

 ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ කඩවසම් රංගන ශිල්පියෙක් වන දිනූෂ දිසානායක එක්ක කියන්නත් දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඔවුන් කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේම විවාහකයන් ලෙස නිසා විවාහක බව ප්‍රේක්ෂක ආදරයට කිසිසේත්ම ගැටලුවක් නොවූ බවයි ඔවුන් පවසන්නේ. ඒ වගේම දෙරණ නාලිකාව හරහා තමයි ඇය මුලින්ම කලාවට යොමු වෙන්නේ. 

ඉතින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හදාරමින් ඉන්න කාලේ ඇයගේ ෆොටෝ එකක් මුහුණු පොතින් දැකලා ඇයට දෙවැනි ඉණිමේ මාලිකා කියන බාලිකාවගේ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුණා කියලයි ඇය කියන්නේ. ඊට පස්සේ ඇයට පාවෙලා වලාකුළේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුනේ ඇයගේ මහත්තය දිනූෂ දිසානායක එක්ක එකටම රඟපාන්න. 

 ඒ වගේම දිනූෂව ඇයට හමුවෙන්නේ ක්ෂේත්‍රයට එන්නත් කලින් කියලත් ඇය කියනවා. ඒ 2015 වගේලු. ඉතින් ෆේස්බුක් එකෙන් තමයිලු මුලින්ම ඇය ඔහුව දකින්නේ. ඒ වගේම මේ දෙන්නම නුවර වීමත් විශේෂයි. ඉතින් ඒ හඳුනාගැනීම තමයිලු හමුවෙලා කතාබහ කරලා ආදරයක් දක්වා වර්ධනය වුණේ. ඉතින් පාවෙලා වලාකුළේ නාට්‍යයට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ දෙන්නා විවාහ වුණ අලුතමයි.