අඩි 3000ක් උඩින් ගමන්ගත් ගුවන්යානයේ මගියෙකුට භුමියේ සිට එල්ල වූ වෙඩි ප්‍රහාරය

By Sewvandhi Oct 03, 2022 10:39 AM GMT
Report

ගුවන් මගියෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සිදුවීම වාර්තාවන්නේ මියන්මාරයෙනි. මියන්මාරයේ Naypyidaw සිට Loikaw දක්වා ගමන්කරමින් සිටි මගියෙකු මෙම වෙඩිප්‍රහාරයට ලක්ව තුවාළ ලබා ඇත.

අදාළ වෙඩි ප්‍රහාරය භූමියේ සිට එල්ලවී ඇති බවට එරට බලධාරීන් සැකපළ කරයි. එසේම බලධාරීන් චෝදනා කර සිටින්නේ මෙම වෙඩිතැබීම කැරලිකරුවන් විසින් සිදුකරන ලද්දක් බවටය.

වෙඩි ප්‍රහාරය යානයේ බඳ සිදුරු කරගෙන අදාළ මගියාගේ ගෙළ ආශ්‍රිත ප්‍රදේශයට එල්ලවී ඇත. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයට ලක්වූ මගියා වාසනාවකට මෙන් බරපතළ තුවාල ලබා නොමැත.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙම ගුවන් යානය අඩි 3000කට ආසන්න ඉහළ අහසේ ගමන්කරමින් තිබී ඇත. වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව අදාළ ගුවන් යානය Loikaw වෙත ගොඩබැස්සවීමට කටයුතු කර තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now