මෙරටින් රැගෙන ගිය මුතුරාජාට හදිසියේ වැළදුණු රෝගය..

By Sithumi Jul 04, 2023 03:27 PM GMT
Report

වසර 22ක කාලයක් මෙරට රැඳී සිට රෝගාතුරවී නැවත තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා හස්තියා තායි රජුගේ භාරයට ගෙන තිබෙනවා.

සක් සුරින් ලෙස තායිලන්තය විසින් හඳුන්වන ලබන මුතුරාජා හස්තියා මේ වනවිට ලම්පන් හී අලි සංරක්ෂණාගාරයක රඳවා ප්‍රතිකාර කරනු ලබන අතර මුතුරාජා හස්තියා ව පසුගිය 02 වනදා තායිලන්තය වෙත රැගෙන ගියා.

ඒ අනුව මුතුරාජා හස්තියාට සිය භාරකාරීත්වය යටතේ රැකවරණය ලබාදීමට තායිලන්ත රජු, මහා වජිරලොන්කොන් තීරණය කර තිබෙන අතර හස්තියාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ එරට පරිසර අමාත්‍ය වරවුට් සිල්පා ආචා මහතා පවසන්නේ, මුතුරාජාගේ දකුණු ඇසෙහි සුද මතුවී ඇති බවත්, ඉදිරිපස වම්කකුල නැවීමට නොහැකි අතර පිටකොන්දේ ආසාදනයට ලක්වී තුවාල ඇති බවත්, කකුල් හතරේම යටි පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවයි.

එමෙන්ම තායිලන්තය විසින් සුහඳතා තානාපතින් ලෙස විදේශ රටවලට පරිත්‍යාග කෙරෙන හස්තීන් බොහෝදෙනෙකු එම රටවල් ඉතා හොඳින් රැකබලා ගෙන ඇති බවද පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.