Travel කරද්දී අරන් යන්නම ඕන දේවල් මෙන්න.

By Wayomi Jul 25, 2022 11:10 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔබ travel කරන කෙනෙක් නම් මේක ලිපිය ඔබට ගොඩක් වැදගත් වෙයි. ඔබ කඳු නගිද්දී, වනාන්තර වල ඇවිදීමට යන ඔබට එහිදී සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වෙන්න වගේම travel කරද්දී වුවමනා වන පුංචි ක්‍රම කිහිපයක් ගැනයි.

පොලිතීන් බෑග්

🟢 වැස්සෙන් ආරක්ෂා වීමට ආරක්ෂිත වැස්මක් ලෙස මෙය භාවිතා කළ හැකියි.

🟢 ඒ වගේම ඔබ සංචාරය කරන විට ඔබේ ඉවත ලන කසල බහාලීමට පුළුවන්.

🟢 අධික සීතල නිසා සිරුර ගල්ගැසීම වළක්වා ගන්න නම්, ඇඳුම් ඇඳීමට පෙර ඔබේ සිරුර පොලිතින් මලු වලින් ඔතාගන්න පුළුවන්.


බේකිං සෝඩා

🟢 කැලෑව තුලදී හදිසියේ ගින්නක් ඇති වුණොත් බේකිං සෝඩා භාවිතා කර ගින්න පාලනය කළ හැකියි.

🟢 ආසාදන ඇතිවීම් වළක්වාගැනීමට වතුර ලීටර් 1 කට බේකිං සෝඩා මේස හැඳි 1 දියකරගත් ද්‍රාවණයෙන් බැක්ටීරියා වර්ධනය වීම වළක්වා ගන්න පුළුවන්.

🟢 ආහාරයට ගැනීමට පෙර ඔබේ එලවළු සහා පලතුරු වර්ග මෙම දියරයෙන් සෝදාගන්න.


ඇපල් සයිඩර් විනාකිරි

🟢 පිලිස්සුම් තුවාල සඳහා ඇපල් සයිඩර් විනාකිරි සුලු පිලිස්සුම් තුවාල සඳහා හොඳ ප්‍රතිකාරයක්.

🟢 ජලයට ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර එහි පිලිස්සුම් තුවාලය ඇති කොටස තෙමාගන්න.

🟢 එමඟින් වේදනාව සමනය වී තුවාලය සුවවීම වේගවත් කරනවා.

🟢 ඒ වගේම වන සතුන්ට ඔබේ ඉව නොදැනීමට, ඇපල් සයිඩර් විනාකිරි ඔබේ සිරුරේ දුගඳ වළක්වාගැනීමට උපකාරි වෙනවා.


ඩක්ට් ටේප් කැබලි (duct tape)

🟢 දියපට්ටය ඔබේ සම ඇතුලතින් නොව පිටතට නෙරා ඇත්නම්, ඩක්ට් ටේප් කැබැල්ලකින් ඒවා ඉවත්කරගත හැකියි.

🟢 ටේප් කැබැල්ල දියපට්ටය මත අලවා,තදකරමින් දියපට්ටය දෙසටම ඇඟිල්ලෙන් ඇදීම සිදුකරන්න.

🟢 ඒ වගේම රුධිර වහනය වළක්වාගැනීමට ප්ලාස්ටර් ඉවරයි නම් ඒ සඳහා ආදේශකයක් ලෙස ඩක්ට් ටේප් භාවිතා කරන්න පුළුවන්.


ටැම්පොන්

🟢 ජල පිරිපහදු කිරීමේ ක්‍රමයක් ලෙස වෙනත් ක්‍රමයක් නොමැති විටදි භාවිතා කළ හැකියි.

🟢 බෝතලයක් දෙකට කපාගෙන මුනින් අතට හරවා ගන්න.කාන්තා සනීපාරක්ෂක තුවා වර්ගයක් වන ටැම්පොන් එකක් කපා එය තුලට දමාගන්න.

🟢 ඉන්පසුව, බෝතලයේ මූඩියේ කුඩා සිදුරක් කපාගන්න.

🟢 දැන්, මෙහි උඩ කොටසට ජලය දමාගන්න.

🟢 ඊට අමතරව ගිනි ගොඩක් ගසාගැනීමට පුළුවන්.


චුයින්ගම්

🟢 කුඩා බඩගින්නක් පාලනය කරගන්න පුළුවන්.


බැදපු අලපෙති

🟢 බැදපු අලපෙති වලින් ගිනි ගෝඩක් දල්වාගත හැකියි. අලපෙති ඉක්මනින් ගිනි ගන්නා අතර වැඩි වේලාවක් දහනය වෙමින් පවතියි. ඊට හේතුව වන්නේ එහි ඇති තෙල් සහිත ස්වභාවයයි. දර කෝ‍ටු වැනි දේ දමා ගින්න වර්ධනය කරගන්න. අත් ඔරලෝසුව මාලිමාවක් ලෙස භාවිතා කරන්න පුළුවන්

🟢 ඔබ ගමන් කරමින් සිටින්නේ උතුරු අර්ධගෝලයට අයත් ප්‍රදේශයක නම් එය වඩාත් පහසුවේවි.

🟢 ඔබේ අත් ඔරලෝසුව තැනිතලා මතුපිටක හෝ ඔබේ අල්ල මත තබාගන්න.එහිදී පැය ක‍ටුව හිරු දෙසට මුහුණලා තිබිය යුතුයි. පැය ක‍ටුව තිබන ස්ථානය සහා 12 ඉලක්කම අතර කෝණය භාගයක් වන සේ බෙදාගන්න. එහි කෝණයේ මැද දකුණු දිශාව පෙන්නුම් කරාවි. ඒ වගේම ඊට විරුද්ධ පැත්තෙන් උතුරු දිශාව පෙන්නුම් කරාවි.


‘පෑන්ටිහෝස්’ කලිසම්

🟢 පෑන්ටිහෝස් කලිසම් භාවිතාකරමින් විෂකුරු කෘමීන්ගෙන්,ක‍ටුපඳුරු වලින් සහ කූඩැල්ලන්ගෙන් ඔබට ආරක්ෂා වීමට හැකියි.         


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGalleryGallery