සංගීත කණ්ඩායමක් පුහුණුවීම් කළ නිවස ටයර් දමා ගිනි තබයි..එම සංගීත කණ්ඩායම මෙන්න.(PHOTO)

Galle Sri Lanka Accident
By Aruna Dec 14, 2022 02:43 AM GMT
Report

සංගීත කණ්ඩායමක් පවත්වා ගෙන යනු ලබන ගාල්ල අක්මීමන, හියාරේ ප්‍රදේශයේ නිවසක් (12) අලුයම කිසියම් පිරිසක් විසින් ටයර් දමා ගිනි තබා විනාශ කර ඇති බව එම සංගීත කණ්ඩායම (රියල් බැක්) කියයි.

නිවස මුළුමනින්ම විනාශවී ඇති අතර සංගීත භාණ්ඩවල පමණක් වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව සංගීත කණ්ඩායම පවසයි.

නිවස කුලී පදනම මත ලබාගෙන සංගීත කණ්ඩායම එහි පුහුණුවීම් ආදී කටයුතු කර ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේ කිසිවකු එහි රැඳී සිට නොමැති අතර අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery