"..මගේ V8 එක හොරෙන් විකුණලා..තිලිණි නෙවෙයි ..".මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 රථයට විද්ද මන්ත්‍රීවරිය - හිමිනම සියල්ල හෙළිකරයි ..

Sri Lanka Murutthettuwe Ananda Thero
By Sewvandhi Oct 14, 2022 04:14 PM GMT
Report

තමාට අයත්ව තිබූ V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය රැගෙන ගොස් විකුණා මුදල් වංචාවක් සිදුකළේ මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නොවන බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසීය.

වසන්ත සමරසිංහ මහතා පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ පැවසුවේ අදාළ වංචාව සිදුකළේ පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රිනියක වන ප්‍රියංකා ජයසේකර බවය. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, 

 "ප්‍රියමාලිත් එක්ක මම කතාබහ කරලවත් නැහැ. මගේ ජීප් එක එතුමිය අරගෙන නැහැ. නමුත් මගේ V8 එක ගත්තේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරියක් වශයෙන් කටයුතු කරන ප්‍රියංකා ජයසේකර. මම වාහනේ ගන්නකොට එතුමිය හිටියේ පොහොට්ටුවේ. මට ජපානයෙන් වාහනයක් පරිත්‍යාග කරනකොට මේක විකුණගන්න ඕනේකම තිබුණා. වාහන දෙකක් අවශ්‍ය නැති නිසා තමයි මේක විකුණන්න තීරණය කළේ. එතුමිය මුදල් දෙන්නම් කියලා ගත්තේ. ඇයව අත්අඩංගුවට අරගෙන ඇප මත නිදහස් කරලයි දැන් තිබෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now