තරුණයින් දෙදෙනෙක් මහ මඟදී වෙඩි තබා මරා දමයි...රාත්‍රී සිදුවූ බිහිසුණු සිදුවීම මෙන්න.
කඩවත පොලිස් වසමේ මහර 9 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, 24 වන දින රාත්‍රි කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මහර 9 කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මියගොස් ඇති දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් පසු බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ ජාතික රෝහලට සහ අනෙක් පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 30 හා 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන්ගේ මෘත ශරීර කිරිබත්ගොඩ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක් වන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |