අභිරහස් ලෙස මියගිය මල්ශාලා හිමිකරුගේ සිරුර හමු වූ තැන.
                                    
                    Sri Lanka Police
                
                                                
                    Crime
                
                                                
                    Murder
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඊයේ (25) රාත්‍රියේ බලපිටිය, ආවාස වත්ත මංසන්ධියේ හර්ස් රථයක් තුළ තිබී කැපුම් තුවාල සහිත මල්ශාලා හිමිකරුවෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, තෙල්වත්ත, මලවැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.පී. තුසිත කුමාර නැමති සිව්දරු පියෙක් බවයි අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ.
එම පුද්ගලයාගේ හිසට බරපතළ කැපුම් තුවාල සිදුව ඇති අතර ඊයේ රාත්‍රී 11ට පමණ බලපිටිය ආවාස වත්ත මංසන්ධියේ හර්ස් රථයක් නතර කර ඇති බවත් එහි රියදුරු තුවාල සහිතව මියගොස් සිටිනු දැක ප්‍රදේශවාසීන් පොලීසිය දැනුවත් කර තිබෙනවා.
 
    
    ජැක්ලින් වගේ පියුමිත් කළු සල්ලි සුදු කරනවද? - පියුමි එක්ක ඩීල් දාපු ප්‍රභූ බිරින්දෑවරු ගැන එළියට ආ අලුත්ම අනාවරණය. - (VIDEO)
ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    