රුපියල් 100 කට කාන්තාවක් ඝාතනය කරයි.. මෙරටින් ඇසෙන ඇග කිළිපොලා යන සිදුවීම..

By Sithumi Jun 02, 2022 03:37 PM GMT
Report

රුපියල් 100ක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 27 හැවිරිදි තරුණියක් තියුණු ආයුදයකින් පහරදී ඝාතනය කිරීමේ අවාසනාවන්ත පුවතක් රත්නපුර - ඇලපාත - මාහිරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිය සේවය නිමවා නැවත නිවස බලා එමින් සිටියදී මාර්ගයේ රැඳී සිටි තරුණයෙකු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළ්.

සිද්ධියට අදාළ තරුණයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තරුණිය මීට මාස 2කට පමණ ඉහතදී විවාහ වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now