මෙරටින් ඇඟ හිරිවට්ටන තවත් මනුෂ්‍ය ඝාතන දෙකක්..!

murder Eraur Sawkade Mitiyagoda Kuligoda
By Sewvandhi Mar 31, 2022 06:01 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

එරාවුර් පොලිස් වසමේ සවුකඩේ ප්‍රදේශයේ සහ මීටියාගොඩ පොලිස් වසමේ මැදදුව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී තිබේ.

එරාවුර් ප්‍රදේශයේ කාන්තාවකට ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඝාතනය සිදුකර ඇත. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 36ක් වු සවුකඩේ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

ස්වාමියා හා බිරිඳ අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි. ඝාතනය කළ සැකකරු මේ වනවිට එම ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

මේ අතර, මීටියාගොඩ මැදදුව, කුලීගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.

මීටියාගොඩ පොලීසියට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා සහ මරණකරු අසල්වාසීන් වන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, මීටියාගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now