තියුණු ආයුධවලින් පහර දී සාහසික ලෙස පුද්ගලයෙකු ඝාතනය කරයි

Sri Lanka Police Sri Lanka Crime
By Sithumi Nov 22, 2022 03:39 PM GMT
Report

පිරිසක් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ සීදූව පොලිස් වසමේ කුරණ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවී ඇති බවය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි කුරණ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. මරණකරු බිරිඳ හා දරුවන් සමග කුරණ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර අසල පදිංචිකරුවන් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔවුන් සියලුදෙනාම එම ප්‍රදේශයේම පිහිටි පුරුෂයාගේ මවගේ නිවසේ තාවකාලිකව නතර වී සිට ඇත.

එසේ සිටියදී පුද්ගලයින් සිව් දෙනෙකු පමණ කඩු රැගෙන මරණකරු සොයා පැමිණ ඇති බවත් එහිදී මරණකරු පිරිස දැක දිවයෑමේදී සැකකරුවන් ඔහු පසුපස ලුහුබැඳගොස් කඩුවලින් කපා තුවාල සිදුකර පළාගොස් ඇති බව අනාවරණය වී ඇත.

සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now