හෝටල් කාමරයක තරුණියක් ඝාතනය කරයි..යාබඳ නාන කාමරය තුළත් පිරිමි මළසිරුරක්..
කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (12) දින පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන් ගෙන සිටි කාන්තාවක් එලෙස ඝාතනය වී ඇති බවයි,පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 35ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පැවසෙන්නේ.
මියගිය කාන්තාව පුද්ගලයෙකු සමග හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර, කාමරය විවෘත නොකිරීම පිළිබඳව සැක සිතී කළමනාකරු විසින් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට දන්වා ඔවුන් සමග කාමරයෙහි දොර කඩා විවෘත කර තිබේ.
එහිදී කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසයි.
එලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.