නිවසක් කොල්ල කන්න ගිය තුන්දෙනෙක් ගෙන් එක් අයෙක් මරා දමයි..
හොරු කල්ලියක සාමාජිකයෙක් ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු මිනුවන්ගොඩ ප්රදේශයෙන් වාර්තා වනවා.
ඔවුන් මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්රදේශයේ නිවසක් කොල්ලකෑමට තැත්කළ අවස්ථාවේදී, තිදෙනෙකුගෙන් යුත් හොරු කල්ලියක එක් සාමාජිකයෙකු වූ මෙම පුද්ගලයා මෙසේ ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
කොල්ලකෑමට තැත්කළ නිවසේ අසල්වැසියෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම සිදුවීම පිළිබඳව මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ අතර, පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මුගුරුකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඊයේ (10) එම ඝාතනය සිදු ව ඇත්තේ, සිරිපාගම - දකුණ මැල්කැල්ල - තවානවත්ත ප්රදේශයේ දී ය.
එසේ මිය ගොස් ඇත්තේ, මල්වත්ත - ඉලුක්වත්ත - ගිලීමලේ ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
පහරදීම සිදු කළ 30 හැවිරිදි පුද්ගලයා එම ප්රදේශයේ ම පදිංචි අයෙකු බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිරිපාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.