17 හැවිරිදි සුරූපී තරුණිය ඝාතනය කර කරත්තයක රැගෙන ගිය 17 හැවිරිදි තරුණයා..

Attempted Murder Sri Lanka Accident Death
By Aruna Jul 16, 2023 02:08 AM GMT
Report

වතිකානුව පුද බිම පෙනෙන නොපෙණෙන මානයේ එදින පැතිර තිබුණේ දැඩි හිරු රශ්මියකි.

රෝම නගරයට ද මේ උණුසුම දැනුනා විය යුතුය. මේ උණුසුම දෙගුණ තෙගුණ කරවන තොරතුරක් පැතිර ගියේ ඒ අතරවාරයේය.

ඉතාලි පුරවැසිභාවයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය ලාබාල තරුණයකු අතින් ඉතාලි ජාතික තරුණියක ඝාතනය වී ඇතැයි යන්න ඒ තොරතුරය. ඉතාලි ජාතික තරුණිය නමින් මිෂෙල්ය.

ඇය ඒ වන විටත් අධ්‍යාපනය ලබමින් සිටියාය. සැකකාර දාහත් හැවිරිදි ශ්‍රී  තරුණයා ද තවමත් අධ්‍යාපනය ලබන්නේය.

ඉතාලි පුරවැසිභාවයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය ලාබාල තරුණයකු අතින් ඉතාලි ජාතික සුරූපී දැරියක් ඝාතනය වී ඇතැයි යන්න ඒ තොරතුරය.

කලක සිට මිශෙල් සහ ලාංකීය තරුණයා අතර දැඩි මිත්‍රත්වයක් පැවති බව කියැවේ.

එය ප්‍රේම සම්බන්ධතාවයක් ද මිත්‍ර සම්බන්ධතාවයක් ද යන්න විවිධ කටකතා සමාජගත වේ.

ඝාතනයට හේතුව යූරෝ තිහක (30) ක මුදලක් පසුබිම් කරගෙන ඇති වූ කතාබහක් බව වාර්තා වේ.

සැකකාර තරුණයා 2023 ජුනි මස 28 දින හවස් කාලයේදී සුරූපී මිශෙල්ව පිහියෙන් ඇන ඝාතනය කොට අපද්‍රව්‍ය ඉවතලන කළු පාට බෑගයක දමා සුපිරි වෙළෙඳ සලක් තුළ පාරිභෝගිකයන්ගේ බඩුබාහිරාදිය බහාලන කරත්තයක දමා අපද්‍රව්‍ය සඳහා වෙන් කර ඇති ස්ථානය සඳහා රැගෙන යමින් හිඳ තිබේ.

එහිදී කරත්තයෙන් වැගිරෙන රුධිරය පිළිබඳ සැක සිතූ ඉතාලි ජාතිකයකු රෝමයේ හදිසි වැටලීම් අංශය දැනුවත් කිරීමෙන් පසු සැකකාර බාල වයස්කාර තරුණයාව නීතියේ රැහැනට කොටුවන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළදී ය.

ඉතාලියේ පවතින නීතියට අනුව වයස අවුරුදු 18 ට නොවැඩි නම් එය බාල වයස්කාර ගණයට වැටෙන අතර ඝාතනය වූ මිශෙල් සහ සැකකාර ලාබාල තරුණයා ද, තවමත් දාහත් හැවිරිදි වියේ පසුවන නිසා මෙම ඝාතනය පිළිබඳව ලබාදෙන නඩු තීන්දුව කෙසේ වේද යන්න ගැන ආන්දෝලනයක් පවතී.

තීන්දුව ගැන තවමත් නිශ්චිත වශයෙන් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත. මීට පෙර අවස්ථා කිහිපයකදී ශ්‍රී ලාංකිකයන් අතින් මනුෂ්‍ය ඝාතන ඉතාලිය තුළදී සිදුවී ඇති අතර ලක්‍ෂ තුනකට අධික ඉතාලිය තුළ ජීවත්වන මෙන්ම, රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට තවත් කළු පැල්ලමක් එකතු වන්නේය.

මෙරටට පැමිණෙන සහ රැකියා අපේක්‍ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙවන් පසුබිමක් මත ඉදිරියේදී ඇති විය හැකි අයහපත් වාතාවරණයන් නිර්මාණය වෙමින් තිබේ.

උපුටා ගැනීම:දිවයින පුවත්පත.