අලුත් මහ නගර සභා 07ක් ගැසට් කෙරේ..එම මහ නගර සභා මෙන්න.

Election Commission of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Aruna Sep 17, 2022 07:49 AM GMT
Report

සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම අග නගරය මහ නගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්ක 7ක අග නගර 7ක්, මහ නගර සභා ලෙස උසස් කිරීමේ පළමු අදියරේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයට අනුව මෙය ක්‍රියාවට නැංවෙයි.

මහ නගර සභා ලෙස උසස්වීම් ලැබූ නගර සභා 7න්, පළමු ගැසට් නිවේදන නිකුත් වී ඇත්තේ වව්නියාව, කළුතර, කෑගල්ල, පුත්තලම හා ත්‍රිකුණාමලය යන පළාත් පාලන ආයතනයන් (නගර සභාවන්) සඳහාය.

අම්පාර සහ මන්නාරම නගර දෙක ද ඇතුළුව මෙම නගර සභා 7 ම, මහ නගර සභා බවට පත් කිරීමට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මීට පෙර අනුමැතිය ලැබිණි.

මහ නගර සභාවක් බවට පත්වීම තුළ අදාළ පළාත් පාලන ආයතනයට විශාල වරප්‍රසාද ප්‍රමාණයකට හිමිකම් කිව හැකි අතර මහ නගර සභා ආඥා පනත යටතේ ස්වභාවිකව එම පළාත් පාලන ආයතනය සුවිශේෂී නීති උරුමයන් රාශියක් හිමිකර ගනී.

ඒවා අතරට, විශේෂ බදු ආදායම් ලැබීමට මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, සමාජ සුබසාධන ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිපාලනය සඳහා වන නීති රෙගුලාසි ද ඇතුළත් වන්නේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now