භයානක කළු පුස් රෝගය ගැන ඔබ දන්නවද?
පසුගිය කොවිඩ් වසංගත සමයේ ඔබට මතක කළු පුස් කියලා රෝගයක් ඇති වෙන්න පටන් ගත්තා. මෙය Mucormycosis ලෙස හැඳින්වෙන කලාතුරකින් දැකිය හැකි දිලීර රෝගයක්. මෙම දිලීරය සෑම දෙනාගේම පාහේ නාස් පුඩුවල පවතිනවා. අපේ ප්‍රතිශක්තිය හීන වෙලා හෝ වෙනත් රෝගී තත්ත්ව මත මෙම රෝගය මතු වෙන්න පුළුවන්. සමාන්‍යයෙන් මෙය අප ජීවත් වන පරිසරය තුළ ද සුලබව දකින්න ලැබෙනවා. පස් අතහැර දැමූ ගොඩනැගිලි බිත්ති එහෙම දකින්න ලැබෙන්න ඒ කළු පුස් වර්ගයයි.
🤥 මෙම දිලීර මගින් ඇස්, මොළය, පෙනහළු, ආහාර මාර්ගය සම ආදී ස්ථානවල රෝගය ඇති කරන අතර සමහර අවස්ථාවලදී මුළු ශරීරය තුළම පැතිරී යා හැකියි.
🤥 ඇතිවන රෝග ලක්ෂණ, ආසාදනය වූ ඉන්ද්‍රීය මත තීරණය වන අතර බහුලව හමුවන්නේ කෝටරක ප්‍රදාහය සම්බන්ධ රෝග ලක්ෂණයි එනම්, (උණ, හිසරදය, ඇස යට ඉදිමීම සහ රිදීම ) ඇස්වල රෝගය ඇතිවීමේ දී ඇස් වටා ඇති වන ඉදිමීම පෙනීම බොඳවීම හා ද්විත්ව පෙනීම ආදිය ඇති වෙන්න පුළුවන්.
🤥 වඩාත් දරුණු වන්නේ ඇස් සහ මොළයට බලපාන Rhinocerebral තත්ත්වයයි. - මෙම රෝගය වැලඳීමට වැඩි අවදානමක් ඇති අය වන්නේ ඒඩ්ස් රෝගීන් , පාලනයක් රහිත දියවැඩියාව ඇති අය, නිදන්ගත වකුගඩු රෝග ඇති අය, අවයව බද්ධ කළ අය, පිළිකා රෝගීන්, දීර්ඝ කාලීනව ස්ටෙරොයිඩ් ඖෂධ ලබාගන්නා අය, මන්දපෝෂණයෙන් ඇති අය සහ වෙනත් හේතූන් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල අය.
🤥 මෙම රෝගය සඳහා ඖෂධ ඇති නමුත් රෝගය වැළදුණු පසුව එය දරුණු වී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩියි. සාමාන්‍යයෙන් ඇස් වලට හා මොළයට වැළඳෙන මෙම දිලීර රෝගය නිසා 30% - 70%ක් අතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |