ඉදිරියේදී බොහෝ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට මුහුණ දීමට සිදුවිය හැකි..

Lakshman Kiriella Rauf Hakeem Sri Lanka Politician Sri Lanka Samagi Jana Balawegaya
By Piyumika Jun 22, 2024 07:56 AM GMT
Report

පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

අමල්රාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය ඉදිරිපිට මළ සිරුරක් තබාගෙන විරෝධතාවයක්..(PHOTOS)

අමල්රාජ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය ඉදිරිපිට මළ සිරුරක් තබාගෙන විරෝධතාවයක්..(PHOTOS)

බොහෝ මන්ත්‍රීවරුන් විමධ්‍යගත මුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පැවසෙන්නේ ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත්ව නොවන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවසුවේ එසේ විමධ්‍යගත මුදල් ලබාගත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම්ද සඳහන් බවයි.

අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් හදිසි සෝදිසි කිරීමකදී හමුවූ භයානක දේ..

අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් හදිසි සෝදිසි කිරීමකදී හමුවූ භයානක දේ..

පක්ෂ නායකත්වය නොදැනුවත්ව මෙවැනි දේවල් සිදු වී ඇති බවත් මේ තත්ත්වය යටතේ ඒ මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ වලට ඉදිරියේදී මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ විමධ්‍යගත මුදල් හෝ මත්පැන් බලපත්‍ර හෝ තීරු බදු රහිත වාහන බලපත්‍ර හෝ ලබා ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය පක්ෂයක් හැටියට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

පක්ෂයේ තීරණයට පිටින් ආණ්ඩුවෙන් එවැනි වරප්‍රසාද ලබා ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගතයුතු බවද ඔහු සඳහන් කළේය.

කාන්තාවක් සුපිරි නළු විජේගේ දෙපතුල මත වැඳ වැටේ ..(VIDEO)

කාන්තාවක් සුපිරි නළු විජේගේ දෙපතුල මත වැඳ වැටේ ..(VIDEO)

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු ආණ්ඩුවෙන් විමධ්‍යකට අර මුදල් ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.