පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට එල්ල කළ වෙඩි ප්‍රහාරය ගැන අලුත්ම තත්ත්වය මෙන්න.(UPDATE/PHOTOS/VIDEO)
Update
ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ මෝටර් රථයට හානි සිදුව ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් අනූනවයෙන් තම දිවි බේරාගත් බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.
මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රි 10.20ත් 10:30ත් අතර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබෙන බවත් ඒ මොහොතේ මන්ත්‍රීවරයා රථයෙන් එළියට බැස සිටි බවත් පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි තැබීම මෝටර් රථයේ පසුපස ආසනයේ සිටි අයෙකු ඉලක්ක කරමින් සිදු කර තිබෙන ආකාරයක්ද දක්නට ලැබෙනවා.
මෙහිදී වෙඩි ප්‍රහාරයෙන් කිහිපයක්ම එල්ල කර තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවත්,පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලිසියේ උසස් නිලධාරී වරයෙක් සඳහන් කර සිටියා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සිදුකරනු ලබනවා.
මේ අතර, අදාළ සිදු වීමට මුහුණ දුන් උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවසට ශ්‍රී ලංකා නිදහස්ට පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, දුමින්ද දිසානායක මහතාද අද(18) පෙරවරුවේ පැමිණි අතර, ඒ මහතා සමඟ කථා බහක නිරත වීමෙන් අනතුරුව වෙඩි ප්‍රහාරයට ලක් වූ වාහනයද නිරීක්ෂණය කරනු ලැබීය.
මීට අදාල නවම ඡායා රූප පහතින්,
..................................
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට කිසියම් නාදුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ දී ය.
වාහනයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් ඔහුගේ වාහනයට වෙඩි තබා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට කිසිඳු තුවාලයක් සිදු වී නොමැති බවයි වාර්තා වේ.













