මන්ත්‍රීවරියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට..!

India Accident
By Sewvandhi Feb 23, 2024 10:50 AM GMT
Report

අද (23) හයිද්‍රාබාද්හිදී සිදුවූ රිය අනතුරකින් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන ලාස්‍යා නන්දිතා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇයගේ මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි, එරට පොලිසිය පවසන්නේ.

මෙම අනතුරින් ඔහුගේ රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර මේ වනවිට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පැවසුවේ, පසුගිය පෙබරවාරි 13 වනදා නාකට්පල්ලි ප්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් ලාස්‍යා සුළු තුවාල ලබා ඇති අතර එහිදී ඇයගේ ආරක්ෂකයෙකු මිය ගිය බවයි.

මිය යන විට ඇය 37 හැවිරිදි වියේ පසුවූ අතර භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වී තිබුණා.