පොහොට්ටුවේ මන්ත්‍රී ඉන්ධන සමග මාට්ටු වෙයි..!

Puttalam Sri Lanka Politician Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 03, 2022 10:22 AM GMT
Report

පුත්තලම නගර සභා පොදුජන එක්සත් පෙරමුණු නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212 සමග මන්ත්‍රීවරයා සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

අදාල මන්ත්‍රිවරයාගේ නිවසේ ඩිසල් ගබඩා කර ගනිමින් වැඩි මිලට අලේවි කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදු කළේය.

එහි දී රුපියල් ලක්ෂයටක ආසන්න වටිනාකමකින් යුත් ඩිසල් තොගයක් හා පෙට්‍රල් ලීටර් කිපයක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා ඩිසල් ලබා ගත් ආකාරය පොලිසියට පැහැදිලිව ප්‍රකාශ කර නොමැති බවත් පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් මන්ත්‍රිවරයා පුත්තලම අධිකරණයට අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now