මෙරට සිනමාව නෙට්ෆ්ලික්ස් දාන්න අලුත්ම ක්‍රමවේදයක්..
දේශීය සිනමාවේ අභිවෘද්ධිය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලීමේ ලිපියක් මන්ත්‍රීවරු පිරිසක් විසින් ඊයේ (23) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දී ඇත.
සාම්ප්‍රදායික චිත්‍රපට වෙනුවට ඩිජිටල්කරණය ලබා ඇති ප්‍රගතිය දේශිය චිත්‍රපට නිෂ්පාදනය සහ පසු නිෂ්පාදනය ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවකගේ අත්සනින් යුතුව බාර දී ඇති මෙම ලිපියේ අන්තර්ගත වී ඇත.
ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදනය හා බෙදාහැරීම, සිනමා ශාලාවට අමතරව වෙනත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ NETFLIX,PRIME VIDEO,ඇතුළු අනෙකුත් OTT PLATFORMS වල ප්‍රදර්ශනය සදහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයන්, එම සමාගම් සමග පූර්ව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ කාරක සභාව හරහා හැකියාව ලබා දෙන ලෙස ද ඉල්ලා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |