ඔබත් ප්‍රවේසම්වන්න..! රන් භාණ්ඩ කොල්ල කමින් රටපුරා යන මව සහ දියණියන් දෙදෙනා

Sri Lanka Police Jaffna Sri Lanka Crime
By Sewvandhi Jun 09, 2022 09:09 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

 රන් භාණ්ඩ කොල්ලකෑම් වල නිරත වූ මවක සහ දියණියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මව 48 හැවිරිදි වියේ පසුවන අතර, දියණියන් දෙදෙනාගේ වයස අවුරුදු 26ක් සහ 30ක්.

මව දිවයිනේ ලියාපදිංචි අපරාධකාරිනියක් වන අතර විවිධ නම්වලින් පෙනී සිට ඇති බව වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මොවුන්ට සහය දුන් තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now