සියලු රාජ්‍ය ආයතනවල අද විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

Dengue Prevalence in Sri Lanka Latest Headlines Sinhala news NPP Government Puwath.lk
By R.rishma Jul 31, 2026 04:18 AM GMT
Report

සුපිළිපන් සතියට සමගාමීව දිවයින පුරා සියලු රාජ්‍ය ආයතනවල අද (31) විශේෂ මදුරු මර්දන සහ පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ජාතික සුපිළිපන් සතියට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර ඇති බවයි.

ඒ අනුව, සියලු රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර, අද පෙරවරුවේ පැය කිහිපයක් තම ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වීමට නියමිතය.

මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 84,091 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම, ඩෙංගු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 61 දෙනෙකු මියගොස් ඇති බවද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.