මදුරු දඟර දල්වන්නේ බලාගෙනයි.ජීවිතයට ආදරෙයි නම් අත්හරින්න.

By Wayomi Jul 11, 2022 11:31 AM GMT
Report

රෑට මදුරුවන් පලවා හරින්න ගොඩක් ගෙවල් වල මදුරු දඟර දල්වනවා. ඇත්තටම ඒවාට මදුරුවන් මර්දනය වෙනවද කියන්න එකත් එතරම් විශ්වාසයක් නැහැ. නමුත් මදුරු දඟර දල්වා මදුරුවන් පලවා හැරීම ඉතාම භයානක බව ඔබ දන්නවාද?

? මදුරුවන් පලවා හැරීම සඳහා අප භාවිතා කරන මදුරු දඟර එරසෝල් සහ මැටි වර්ග වැනි මදුරු විකර්ශක වල ක්‍රියා ක්‍රියාකාරී සංඝටක ලෙස තයිරොයිඩ් පයිරෙත්‍රොයිඩ් (pyrethoids) වර්ග අන්තර්ගතයි.

? මේවට දිර්ඝ කාලීන නිරාවරණය වීමෙන් මොළයේ ස්නායු සෛල මත අසාමාන්‍ය විකෘතිතාවයන් ඇති කරන බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් පැහැදිලිව සනාථ වී තිබෙනවා.

? මදුරු විකර්ශක වල අන්තර්ගත ඇලත්‍රීන් රසායනික මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්වාලන බාධකය පාරගම්‍යතාව වැඩි කරන බැවින් මොළයට ඉතා බරපතළ හානි සිදු විය හැකි බවත් විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

? එමෙන්ම තව දුරටත් සිදු කරන ලද පර්යේෂණවලදී තහවුරු වී තිබෙන්නේ දීර්ඝකාලීන මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන් මොළයේ ස්නායු සෛල වන ඇසිටයිල් කෝලීන් ප්‍රතිග්‍රාහක වල යළි යථා තත්ත්වයට පත්කළ නොහැකි අන්දමේ විකෘති වීම් සිදුවිය හැකි බවයි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW