සියලුම රියදුරු බලපත්‍ර හිමියන්ට විශේෂ දැනුම්දීමක්.!!

Sri Lanka
By Aruna Sep 21, 2022 03:29 AM GMT
Report

දේශීය මෝටර් රථ නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට උපදෙස් රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තාවකාලිකව දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මෝටර් වාහන පනත යටතේ වන නියෝග සඳහා ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඊට අනුමතිය හිමිවී ඇත.

මෙම නියෝග මගින් රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තාවකාලිකව දීර්ඝ කිරීම සිදුවනු ඇත.

මේ අනුව ඉදිරියේදී මෙම නියෝග පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට අමතරව මෙම කාරක සභාවේදී දේශීය මෝටර් රථ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම පිළිබඳ සොයාබැලීමට අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now