2023 වසරේ සංසරණය වූ නිරුවත් ඡායාරූප ගැන විශේෂ අනාවරණයක්.
2023 වසරේ දී සමාජ මාධ්‍ය මගින් නිරුවත් ඡායාරූප ලක්ෂයකට වඩා සංසරණය කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සඳහන් කරනවා.
ඔහු මෙම කරුණු අවධාරණය කළේ, අද (23) පාර්ලිමේන්තුවේදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින්.
"සමාජ මාධ්‍ය මගින් මේ පාර්ලිමේන්තුවෙ ඇතැම් මන්ත්‍රීවරුන්ටත් අසාධාරණකම් වෙලා තියෙනවා. එතුමන්ලාගේ දූදරුවන් ඉලක්ක කර ගනිමින් පවා විවිධ චෝදනා ප්‍රචාරය කර තිබෙනවා. මේ පනතින් ආවරණය කෙරෙන්නේ වංචා කිරීම්, කැරැල්ලක් ඇති වන ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම් , ළමා අපචාර , කාන්තා හිංසනය, ආගමික සහජීවනයට හානි වන ආකාරයේ ප්‍රකාශ කිරීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම වැනි කරුණුයි.
සමාජ මාධ්‍ය හරහා ළමා අපචාර, කාන්තා හිංසන මිනිමරුම් සිදු වන බව අප පිළිගත යුතුයි. අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් කළ වැරදි සම්බන්ධයෙන් පසුගිය වසරේ දී පැමිණිලි 8000කට වඩා ලැබිලා තිබෙනවා. ඒ අතර ලිංගික හිරිහැර පැමිණිලි 869ක් නිරුවත් ඡායාරූප ප්‍රසිංද්ධ කිරීම පැමිණිලි 506ක් වෙනවා. ඒ පැමිණිලි එහෙම වුණාට ඒ අංශවලින් මට කියලා තියෙන්නෙ පසුගිය වසෙර් පමණක් නිරුවත් ඡායාරෑප ලක්ෂයකට වඩා සමාජ මාධ්‍ය වල සැරිසැරුවා කියලා. අපහාස කිරීම් සම්බන්ධ පැමිණිලි 698ක් සයිබර් පැමිණිලි 1961ක් අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම් සම්බන්ධ පැමණිලි 34ක් ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධීන්වලට අදාළ පැමිණිලි 88ක් මුදල් වංචා කිරීම් පැමිණිලි 457ක් පරිගණක දත්ත සොරකම් කිරීම් ආදිය ගැන පැමිණිලි 547ක් ලැබි තිබෙනවා. . මේ පනත් කෙටුම්පත ගේනේනෙ මෙවැනි වාතාවරණයකයි. "