මුදල් හුවමාරු කරන අයට පහසුම ක්‍රමයක් මෙන්න..අලුත්ම ඇප් එකක්..

Technology Namal Rajapakshe New app Money transfer app
By Aruna Feb 08, 2022 10:57 PM GMT
Report

ශ්‍රී ලාංකිකයින්ට අලුතෙන් හඳුන්වා දුන් ඇප් එක මෙන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය පහසුවෙන් ඉටුකර ගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීම ඊයේ (08) සිදුවුණා.

මෙය විදේශ ප්‍රේෂණ ජාතික ජංගම යෙදවුම හෙවත් LANKA REMIT යෙදවුම හඳුන්වයි. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී LANKA REMIT ජාතික ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීම නිල වශයෙන් සිදු කෙරුණි.

ඒ ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම LANKA REMIT ජංගම යෙදවුම හරහා ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකු ගිණුමකට ක්ෂණිකව මුදල් හුවමාරු කිරීමට අමතරව සෘජු බිල්පත් ගෙවීම් වැනි සේවාවන් ලබාගත හැකි වෙයි.

විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩිකිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් මෙය හඳුන්වා දෙනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now