මුදල් ඉතුරු කරන්න හිතන ඔයත් මේ වැරැද්ද කරනවද..? කිසි ඉතුරුවක් නැත්නම් අදම මේක නවත්වන්න.
මුදල් ඉතිරි කිරීම කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. එසේ නොමැතිවුවහොත් අපිට අත්‍යවශ්‍ය අවස්ථාවන්වල පීඩාවට පත්වෙන්න සිදුවෙනවා.
මුදල් ඉතිරි කිරීමට හැමෝම කැමතියි. මේ අවශ්‍යතාවය හැමෝටම තියනවා. අද අපි ඔබට කියන්න යන්නේ ඔබට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය වුණත් ඔබ අතින් සිදුවන වැරැද්දක් ගැන.
ඒ තමයි ඔබ මුදල් ඉතිරි කිරීම ඔබේ වියදම් වලින් පසුව සිදු කිරීමට සිතීම. සෑම විටම අපි අපේ වියදම් මොනවද යන්න හිතලා ඒවට ඉතුරු කරගෙන තමයි ඉතුරු ගාන ඉතුරු කරන්න යන්නේ. එවිට සිදුවන්නේ නොදැනුවත්වම මුදල් වියදම් වෙලා.
ඉතුරු කරන්න කීයක්වත් නැතිවීම. ඇතැම් අවස්ථාවල මේක ඔබටත් වෙලා ඇති. ඒ නිසා "සෑම විටම පරිභෝජනයට පෙර ඉතුරු කරන්න" ඔබ මේ කියමන අහලත් තියෙනවනේ. අතීතයේ පටන් අපිට අපේ මුතුන් මිත්තන් පවා කියන්නේ පරිභෝජනය කරන්න කලින් ඉතුරු කරන්න කියලා.
ඔබටත් බොහෝ විට ඉතුරුවක් නැත්නම් මේ ගැන අත්හදා බලන්න. උදාහරණයක් විදියට ඔබේ මාසික ආදයෙම ඔබ අතට ලැබුණු ගමන් ඔබ ඉන් රුපියල් දසදහසක් හෝ ඔබේ ආදයටමෙන් 1 /4ක් වගේ මුදලක් ඉතුරු කළොත් ඔබට පුළුවන් ඉතුරු මුදල් ප්‍රමාණය ඔබේ විය්දම් සදහා පරිස්සමෙන් පරිහරණය කරන්න.
මොකද එවිට ඔබේ අතේ තියන මුදල් ගණන ඔබ දන්න නිසා.
එසේත් නොමැතිනම් වෙන්නේ ඔබ ඉතුරු කරන්න හිතන මුදලත් ඔබ වියදම් කිරීමට සිතා සිටි දේවල් වලටම
වියදම් වෙන එක.
එසේනම් ඔබත් මේ ක්‍රමය අත්හදා බලලා මුදල් ඉතුරු කරන්න අදම පටන් ගන්න .