තවත් ඉන්ධන නෞකාවකට මුදල් ගෙවයි

diesel Gammanpila Fuel ship Sri lanka fuel crisis
By Sewvandhi Mar 04, 2022 10:22 AM GMT
Report

මෙරටට පැමිණි තවත් ඉන්ධන නෞකාවක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 39.3ක් ගෙවා තිබේ.

බලශක්ති අමාත්‍යංශය පවසන්නේ ලංකා බැංකුව හරහා අදාළ නෞකාව වෙත ගෙවීම් සිදුකර ඇති බවය.

බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව අදාළ නෞකාව සතුව ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 28,300ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක ප්‍රමාණයක් හෙට සිට ගොඩබෑම අරඹන බවය.

මීට පෙර ද ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන පැමිණි ඉන්ධන නෞකාවකට මුදල් ගෙවීම් කර ඇති අතර ඒ අනුව හෙට දිනය වනවිට මෙරට සතු ඩීසල්  සහ ගුවන් යානා ඉන්ධන සංචිතය මෙට්‍රික් ටොන් 74,600ක් වන බවද බලශක්ති අමාත්‍යංශය පවසයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now