ඩීසල් හිගය අවසන්..? ඩීසල් නැවට මුදල් ගෙවා නිදහස් කෙරේ..

Colombo diesel Udaya Gammanpila harbor
By Sewvandhi Mar 02, 2022 10:55 AM GMT
Report

ශ්‍රී ලංකාව වෙත පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවක් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අදාළ නෞකාව සඳහා සිංගප්පූරු සමාගමක් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 31 ක මුදලක් ගෙවා ඇත.

ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි අදාළ නෞකාව කොළඹ වරායෙන් පිටත මේ වනවිට නැංගූරම් ලා තිබේ.

ඒ අනුව, එහි අඩංගු ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද රාත්‍රීයේ ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

මෙම ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි උත්පාදනය සඳහා ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, අනිද්දා දිනයේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300ක් රැගත් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිතයි.

ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් එම නෞකාවේ අඩංගු වන අතර, ඒ සඳහා ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවීමට ද මහබැංකුව අද බලශක්ති අමාත්‍යාංශයට එකඟතාව පළ කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now