අමාරුම කාලේ පහසු කරන පුංචි Tips ටිකක්.
සාර්ථකත්වය හොයාගෙන යන හීනය මේ දින වල නම් අපිට හීනයක්ම වෙලා. හැබැයි අමාරුවෙන් හරි ඒ හීන සැබෑ කරගන්න උත්සහ කරන්න ඕන. ටික කාලයක් යනකන් ඉක්මනින්ම ධනවත් වෙන්න බැරිවුණාට ටිකෙන් ටික කීයක් හරි ඉතිරි කරමු.
අමාරුවෙන් හරි මේ විදිහට කරලා බලන්න.
💰 වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න.
💸 වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට, වගේ.. එක එක කාණ්ඩ වලට
💰 ආදායම කොටස් කරන්න. ආදායමෙන් 10% ඉතිරි කරන්න බලන්න ඉස්සෙල්ල.40000 ක ආදායමක් තියෙනවා නම් 4000ක් ඉතිරි කරන්න.
💸 Emergency Fund එකක් හදා ගන්න. දැන් නම් බැංකු ගිණුම් වල නම් ඉතිරි කරන එක ටිකක් බයයිනේ. ඒ නිසා ඔයාට පුළුවන් පොඩි කැටයකට එකතු කරන්න.
💰 මාස 6 ක වියදම් ලිව්වම, පේනවා වියදම් pattern එක. වියදම එන්න කලින්ම දන්නවා, ඊලග මාසේ වියදම් මොනවද කියල.
💸 Deposit on deposit method එකට ඉතිරි කරන්න. ඒ කියන්නේ, මේ මාසේ 5000ක් Fixed deposit දානවා monthly පොලිය ගන්න. දෙවෙනි මාසේ 5000 deposit කරන්නේ, පලවෙනි මාසේ දාපු 5000 monthly පොලියත් එක්ක.
💰 කැපවීමෙන් කලොත්, මේක අමාරු දෙයක් නෙවෙයි.
💸 ඔබේ , නිවසේ විදුලි බිල, වතුර බිල ඇතුළු බිල් වල වියදම් කාප්පාදු කරන්න. පුළුවන් තරම් විදුලිය, ජලය, ආහාර ඇතුළු සියල්ල අරපිරිමැස්මෙන් භාවිතා කරන්න.
💰 අමතර ගමන් බිමන් අඩු කරන්න.
💸 පුද්ගලික වාහන වලන් ගමන් බිමන් අඩු කර පොදු ප්‍රවාහනයට මුල් තැන දෙන්න. ඔබේ වාහනයේ තෙල් ටික හදිසි අවස්ථාවකදී භාවිතයට පමණක් ඉතිරි කරගන්න.
💰 මේ දවස් වල දහස් ගණන් වියදම් කරලා ලොකු ලොකු කඩවල් වලින් කන්නේ නැතිව, තියෙන විදිහට පිරිමහගෙන මුදල් ඉතිරි කරගන්න.
💸 ඒ වගේම අනවශ්‍ය විදිහට බඩු භාණ්ඩ, මිලදී ගැනීම පාලනය කරන්න අත්‍යවශ්‍ය දේවල්ම පමණක් මිලදී ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |