කෝටි ගණනක මුදල් වංචා කළ මූල්‍ය ආයතනයක් - ආයෝජකයන් මහ පාරේ..

Sri Lanka
By Sewvandhi Jul 12, 2023 02:41 PM GMT
Report

ගලෙන්බිදුනුවැව නගරයේ ප්‍රධාන විදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229 ක ට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන් කරමින් එම මූල්‍ය ආයතනය ඉදිරිපිට ඊයේ (11) දහවල් පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කල අතර පසුව කහටගස්දිගිලිය කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිදුණුවැව නගරයට පැමිණ නගරය මැද උද්ඝෝෂණ යේ නිරිතවිය.

උද්ඝෝෂණය හේතුවෙන් කැකිරාව දාච්චිහල්මිල්ලවැව මාර්ගයේ එක් මන්තිරුවක් අවහිරවු අතර ගලෙන්බිදුණුවැව පොලිස් නිළධාරින්ද විශාල පිරිසක් පැමිණ සිටිනු දැක ගත හැකිවිය. මේ අතර නගර මධයේ උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස ගලෙන්බිදුණුවැව නගරයේ සිට කැකිරාව මාර්ගය ඔස්සේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ විරෝදය පාමින් පැමිණ සඨන් පාඨ හා සටන් පුවරු ප්‍රධර්ශණය කරමින් උද්ඝෝෂණයේ නිරිතවිය.

එහිදි විරෝධතා උද්ඝෝෂණයට එක්වු පිරිස පෙන්වා දෙන්නේ ගලෙන්බිදුනුවැව ප්‍රධාන විදීයේ ඉතා ප්‍රසිද්ධව පවත්වාගෙන ගිය මෙම ආයතනයේ , පුද්ගලික ආයතනය වල සහ රාජ්‍ය ආයතනවල සේවයේ නිරිත පාරිභෝගිකයන් 1005ට ආසන්න පිරිසක් හා ⁣ගලෙන්දුණුවැව ප්‍රදේශයේ ගොවීන් තමන් ඉතා අපහසුවෙන් උපයාගත් මුදල් ආයෝජනය කර ඇති බවත් මෙය මුල්‍ය ආයතනය හා ගනුදෙනුකරුවන් අතර ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව මුදල් ලබා නොදෙන බවත් ආයතනයේ හිමිකරු මාස 8කට ආසන්න කාලයක් මුල්‍ය ආයතනය වසා දමා මුදල් වංචා කරමින් පාරිභෝගිකයන් රවටා ප්‍රදේශයෙන් පළාගොස් සැගව ඇති බවයි.

මෙම මුල්‍ය ආයතනයේ සභාපතිවරයා කහටගස්දිගිලිය ජාතික පාසලට අනියුක්තව තොරතුරු තාක්ෂණ ගුරුවරයා වශයෙන් කටයුතු කල අතර මෙම මුල්‍ය ආයතනයේ කළමනාකරු වශයෙන් ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයකු වශයෙන් කටයුතු කරමින් සිටින නිලධාරීයකු වීමත් , ප්‍රදේශයේ රාජය අයතන හා බැංකු නිළධාරින් මෙම මුල්‍ය ආයතනය සමග සෘජුව හා වක්‍රව කටයුතු කිරිම හේතුවෙන් මෙම සමාගම පිළිබඳව විශ්වාසයක් ඇතිව වසර හතකට ආසන්න කාලයක් ගණුදෙනු කරුවන් ගනුදෙනු කරමින් සිටි අතර තුර දී මූල්‍යායතන හිමිකරු මෙලෙස මුදල් වංචා කොට පලා ගිය බවත් ඉහත මුල්‍ය සමාගම මහ බැංකුව තුල ලියාපදිංචි සමාගමක් ලෙස පෙනි සිටිමින් , මෙලෙස පරිබෝගිකයන්ගේ මුදල් වංචා කොට සැඟව සිටින බවත් ජනතාව පවසයි.

විරෝධතාවයට එක්වූ පිරිස් වැඩිදුර දුරටත් පවසා සිටියේ මුදල් ලබාගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමේ හිමිකරු සම්බන්ධ කර ගැනීමට දරන උත්සාහයන් වල දී තමන් මරණ තර්ජනද එල්ල වී ඇති බවත් මෙම සමාගම හැර ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සමාගම් 7කට ආසන්න ප්‍රමාණයක් ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලෙන්බිදුනුවැව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව, දුටුවැව, නිකවැව,දිවුල්වැව, ගෝමරන්කල්ල, අක්කර 20, 21 ජනපදය, යකල්ල ඇතුළු ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි පාරිභෝගිකයන් දහසකට ආසන්න ප්‍රමාණයක් රවට රුපියල් කෝටි 500 වංචා කොට මූල්‍ය ආයතන වසා දමා මූල්‍ය සමාගම් වල හිමිකාරි ප්‍රදේශයෙන් පළාගොස් පලා ගොස් ඇති බවත්.

තමන් පත්ව ඇති තත්ත්වය අදාල ආයතනවල පැමිණිලි ඉදිරිපත් කර තිබුණත් කිසිදු ප්‍රතිඵලයක් නොලද බවත් මේ වන විට ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ බොහෝ ජනතාවක් දැඩි අසීරුතාවන් පත්ව ඇති බවත් ඉදිරියේ දී ගලෙන්බිදුණුවැව පවත්වාගෙන යනු ලබන රාජය හා රාජය නොවන බැංකු මෙන්ම සුළු හා මහ පරිමාණ ව්‍යාපාරයන්ට දැඩි බලපැමක් එල්ල වන බව පෙන්වා දෙයි.

ගනුදෙනුකරුවන්ගෙන් ලබාගත් කෝටි 200 කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධව ඇතැම් පිරිස් ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානයේ හා කැබිතිගොල්ලෑව ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මෙන්ම මහ බැංකුවෙි පැමිණිලි කීපයක් ඉදිරිපත් කර තිබුණද මේ දක්වා , පාරිභෝගිකයන් වෙත කිසිදු අස්වැසිල්ලක් නොවන බව පෙන්වා දෙන අතර උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස වැඩිදුරටත් පවසා සිටින්නේ මහ බැංකුව හා ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්ව අදාල සමාගමේ සභාපති විදෙස් රටකට පලා යාම වලක්වා දෙන ලෙසත් මෙවැනි මූල්‍ය සමාගම් පවත්වාගෙන යාමට ඉඩ ලබාදුන් වගකිවයුතු ආයතන මැදිහත්ව අදාල ආයතන වල හිමිකාරීත්වය අත්අඩංගුවට ගෙන හෝ මහ බැංකුවෙහි මූල්‍ය මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් උපයෝගි කරගෙන මෙම ආයතන පවත්වාගෙන ගියේ ද නැද්ද යන්න සොයා බලා , අදාල මුදල් පාරිභෝගිකයන් වෙත ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සලසා දෙන ලෙස උද්ඝෝෂණයට එක්වු පිරිස රජයෙන් ඉල්ලා සිටි.

උද්ඝෝෂණයට එක්වු පිරිස ගලෙන්බිදුණුවැව කැකිරාව මාර්ගයේ එක් මන්තිරුවක් අවහිර කර පැය 1.30 කාලයක් උද්ඝෝෂණය පැවති අතර වාහන ගමනාගමනයට බාදවක් නොවන්න පරිදි විකල්ප මාර්ගයන් ඔස්සේ රථවාහන යවිමට ගලෙන්බිදුණුවැව පොලිස් නිළධාරින් කටයුතු කර තිබිනි.කිසිදු වගකිවයුතු ආයතනයක් හෝ පුද්ගලයකු උද්ඝෝෂණය පැවති ස්ථානයට නොපැමිණි අතර කඩිනම් විසදුමක් නොලෑබෙන්නේ නම් ඉදිරියේ දී මුල්‍ය ආයතනයට මුදල් ආයෝජන කල සියලුම ප්‍රජාව ගලෙන්බිදුණුවැව නගරය තුල ⁣විශාල විරෝධයක් හා උද්ඝෝෂණයක් පවත්වන බව පවසමින් මාධ්‍ය වෙත අදහස් දක්ව උද්ඝෝෂණය අතහැර දැමුවේය.