ඔයාගේ ජංගම දුරකථනයත් තහනම් වෙයිද? ලියාපදිංචි නොවූ ජංගම දුරකථන භාවිතය තහනම් වෙන්න යයි..
Samsung Galaxy Mobile
World Telecommunication Day
Mobile Phones
By Sithumini
ජංගම දුරකථනය කියන්නේ අපි හැමෝටම නැතිවම බැරි දෙයක්. ඒ නිසාම මේ කියන්න යන දේනම් ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.
බලන්නකෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරනවා කියලා එම කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තියෙනවා
ඒකට හේතුව වෙන්නේ සමහර බොහෝ උපකරණ මෙරටට නීතිවිරෝධීව රැගෙන ඒම නිසා.
ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් මේ මාසේ අවසානයේ නිකුත් කරන බව තමයි වාර්තා වන්නේ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් අරගෙන ඉවරනේ අපේ ඒවත් තහනම් වෙයිද කියලා.
නැහැ. එහෙම වෙන්නේ නැහැ දැනට භාවිත කරන ජංගම දුරකථනවලට මෙම නව වැඩපිළිවෙල මඟින් බාධාවක් නොවන බව තමයි වාර්තා වෙන්නේ.