රාජ්‍ය සේවකයන් පිරිසකට ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කරයි..

Government Employee Ministry of Health Sri Lanka Government Of Sri Lanka Northern Province of Sri Lanka National Health Service
By Aruna Sep 14, 2023 04:20 AM GMT
Report

යාපනය ශීක්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කොට තිබෙන බව වාර්තා වනවා.

උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකීරීම නිසා බවට තොරතුරු හෙළි වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම හෙදියට එරෙහිව සාක්කි දී ඇති බොහෝ රෝගීන් පවසා අත්තේ, එම හෙදිය සිය ජංගම දුරකතනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා බවත් රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවයි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් යාපනය ශීක්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට පළමු පියවරක් වශයෙන් ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කොට ඇති අතර ඉතා ඉක්මනින් උතුරේ සියළුම රෝහල්වල හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවලට රාජකාරී අවස්ථාවලදී ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

ජනපති හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

ජනපති හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කරයි..