ජංගම දුරකථන සහ ඩේටා ගාස්තු අඩුකරයි?..විශේෂ ප්‍රකාශයක්.(LIVE)

Parliament of Sri Lanka Smart Phones
By Aruna Nov 28, 2022 06:16 AM GMT
Report

ජංගම දුරකථන හා ඩේටා ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවදානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

අද (28) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, දුරකථන හා ඩේටා ගාස්තු ඉහළ යෑම ජනතාවට විශාල බලපෑමක් එල්ල කර ඇති බවයි.

“අද බොහෝදෙනෙක් රූපවාහිනිය නරඹන්නේ, ගීත අහන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය කරන්නෙත් අධ්‍යාපනය ලබන්නෙත් බොහෝවිට ජංගම දුරකථනවලින් හා ඩේටාවලිනි.

ඒක මෑත කාලයේ දී බොහෝම පැහැදිලියි.

ජංගම දුරකථන ගාස්තු සහ ඩේටා ගාස්තු මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා.

ඒ නිසා ජංගම දුරකථන ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.

ඒ නිසා ජංගම දුරකථන ගාස්තු හා ඩේටා ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීමට රජයේ අවදානය යොමුකරන ලෙස ජනමාධ්‍ය ඇමතිගෙන් ඉල්ලා සිටිනවා.”

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now