ජංගම හා ස්ථාවර දුරකතනයෙන් සිදු කළ දෙයක් වහාම තහනම් කරයි..සිදු වූ දේ මෙන්න.

Sri Lanka Insurance Technology Mobile insurance
By Aruna Jan 22, 2022 11:38 PM GMT
Report

ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවිය නැවැත්වීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මහජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව, 2021 සැප්තැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි, ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් සිදුකළ රක්ෂණ ඔප්පු අලෙවිය නවත්වන ලෙස සියලුම රක්ෂණ සමාගම් වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව මහජනතාවගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කරුණු කිහිපයක් අවධාරණය කර සිටී.

1. තවදුරටත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණාවරණ මිල දී ගැනීමෙන් වැළකී සිටින්න.

2. ඔබ දැනටමත් ජංගම හා ස්ථාවර දුරකතන ජාල මගින් රක්ෂණාවරණ මිල දී ගෙන ඇත්නම්, ඊට අදාළ රක්ෂණ සමාගම සමඟ සෘජුව සම්බන්ධ වී, එම රක්ෂණාවරණයට අදාළ රක්ෂණ ඔප්පුව පිළිබඳව තහවුරු කරගනිමින් එය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන්න.

3. ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවි කළ රක්ෂණ සමාගම්, එම රක්ෂණාවරණ ලබාගත් පාරිභෝගිකයන් සඳහා සෘජුවම රක්ෂණ තැරැව්කරුවකු හෝ රක්සණ නියෝජිතයෙකු මගින් තවදුරටත් සේවාවන් ලබාදීමට බැඳී සිටී.

4. මේ සම්බන්ධ ඕනෑම කරුණක් පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගැනීමට රක්ෂණාවරණය ලබාගත් සමාගමෙහි ක්ෂණික ඇමතුම් අංකය/ පාරිභෝගික සේවා අංකය ඇමතීම, රක්ෂණ හිමිකරු වන ඔබේ අයිතියකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now