වෛද්‍ය ශිෂ්‍යයන්ට කඳුළු ගෑස් ප්‍රහාර..!

Colombo Sri Lankan protests Sri Lanka SL Protest
By Sewvandhi May 29, 2022 01:42 PM GMT
Report

පවතින අර්බුදවලට විසදුම් ඉල්ලා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද ආරම්භ කළ විරෝධතා පා ගමනට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

ඒ, විරෝධතා පා ගමනට එක්වූ පිරිස ලෝක වෙළද මධ්‍යස්ථානය අසළින් ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමගයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දහවල් නෙළුම් පොකුණ රඟහල අසළින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ජනාධිපති මන්දිරය දෙසට පැමිණෙමින් සිටියා.

කෙසේ වෙතත්, විරෝධතාකරුවන් යොදා තිබූ මාර්ග බාධක බිද දමමින් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර, ගාලුමුවදොර ක්‍රියාත්මක කරන අරගලය අද 51 වන දිනට ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now