මේ දිනවල රෝහල් ගත වෙනවනම් පරිස්සමෙන්.. රෝහල් රැසක පවතින භයානක තත්වය

Sri Lanka Ministry of Health Sri Lanka
By Sithumi Oct 29, 2023 11:18 AM GMT
Sithumi

Sithumi

in ඖෂධ
Report

 ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලු රෝහල් රැසක ශල්‍යකර්ම තවදුරටත් සීමා කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණවල විෂබීජහරණය කිරීම සඳහා භාවිත කරන පැරසිටික් ඇසිඩ් හිඟවීම මීට හේතුවී ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා

මේ අතර තත්වයෙන් බාල ඖෂධ සහ immunoglobulin වංචාවහි පරීක්ෂණ මන්දගාමී වීමත්, ඇමරිකානු ඩොලර් මිලියන 37 ක තත්වයෙන් බාල ඖෂධ ප්‍රදානයක් ලෙස යැයි සැළකෙන බෙහෙත් තොගයක් ලංකාවට ගෙන ඒමට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට වෘත්තීය හා සිවිල් සංවිධාන ඒකාබද්ධ මධ්‍යස්ථානය තීරණය කොට තිබෙනවා.