ජීවිතාරක්ෂක ඖෂධ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Health Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Jun 16, 2022 03:29 AM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, මේ වන විට රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය. 

එනම්,මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ 14න් 13ක් මේ වන විටත් සපයා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා මෙම අදහස් පළ කළේය,

 "අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14ක් තියෙනවා. මේ 14න් ඇන්ටි රේබීස් වර්ගය හැර අනෙකුත් ඖෂධ අපි මේ වෙනවිට ලංකාවට ගෙනල්ලා මේ වනවිට බෙදාහැරීමට කටයුතු කරලා තියෙනවා.

විශේෂයෙන් කියන්න ඕනේ මේ රෝහල්වලට අවශ්‍ය වන ඖෂධ, ප්‍රධාන වශයෙන්ම අපට විදේශ ප්‍රබවයන්ගෙන් විශේෂයෙන්ම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම AAIB බැංකුව, ඒ වගේම ඉන්දීය කෙඩිට් ලයින් එක යටතේ, ඒ වගේම චීනයෙන් මෙලෙස විදේශ ආධාර හා ණය යටතේ, ලැබීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ඩොලර් මිලියන 400කට වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.

මෙය 2023 වසර දක්වා ඖෂධ කළමනාකරණය කරගැනීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගෙන තියෙන්නේ. ඉදිරියේ දී රෝහල් පද්ධතියට ඉතා හොඳින් අවශ්‍ය ඖෂධ සැපයිය හැකිවේයැයි අපි බලාපොරොත්තු වෙනවා."

මේ අතර උපකරණ හිඟය හේතුවෙන් රුධිර කල්තබා ගැනීමේ ගැටලුවක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සදහන් කළේ අවශ්‍ය උපකරණ කඩිනමින් මෙරටට ආනයනය කිරීම සඳහා පියවර නොගතහොත් රෝගීන් සඳහා රුධිරය නිකුත් කිරීමේ ගැටලු මතුවිය හැකි බවය.

"දැනට මේ මොහොතේ, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව තවත් අවශ්‍ය තරම් රුධිර සංචිත පවතිනවා. අපි මේ වෙලාවේ ඉතාම පරිස්සමින් තමයි අපේ ශෛල්‍ය පරිභෝජන ද්‍රව්‍ය එහෙම නැත්නම් රුධිර දායකයින්ගේ රුධිරය ලබාගත්තත් මේ කියන සංඝටක අපි ළඟ නැත්නම් රෝගීන්ට රුධිරය ලබාදීමේ හැකියාවක් නෑ.

අද රටේ පවතින තත්ත්වය එක්ක මේ දක්වා ජාතික රුධිර පාරවිලයන සේවය සතුව තිබුණු ශෛල්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සහ ප්‍රතික්‍රීයකවල හිඟයක් මේ මොහොතේ ඇති වෙමින් පවතිනවා. අපි ඉතාම කල්පනාකාරීව තමා ජනතාවගෙන් රුධිරය ඒකරාශි කරන්නේ. මොකද අපතේ යාම වළක්වා ගත යුතුමයි සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now