සහල් මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. එනම්,
සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් සිදුකරන වැටලීම් සඳහා අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබාදෙන ලෙසයි.
නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 230ක් සහ කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 260ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එමෙන්ම වැඩිමිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා මේ වන විට වැටලීම් සිදුකෙරේ.
එහිදී නීතියේ රැහැනට හසුකරගත් වෙළෙඳුන් තිදෙනෙකුට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර ඉන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂය හා ලක්ෂ 5 බැගින් දඩ නියම කර ඇති බව පාරිභෝගික අධිකාරිය පැවසීය.
මේ අතර ගැසට් නිවේදනයේ දක්වා ඇති මිලට පාරිභෝගිකයින් වෙත සහල් අලෙවි කිරීමට හැකිවන පරිදි සිල්ලර වෙළඳුන් වෙත සහල් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ද සහල් මෝල් හිමියන්ට සහ තොග වෙළඳුන්ට, පාරිභෝගික අධිකාරිය දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |