මිතුරා දියට වැටුණු විට මාරු වී ගිය මිතුරු කැල..

Sri Lanka Police Accident
By krishani Nov 23, 2022 12:56 AM GMT
Report

යාපනය - වල්ලෙයි පාලමේ ධීවර කටයුතුවල නිරතව සිටිය දී ඉන් ඇද වැටී තරුණයෙකු අතුරුදන් විය.

ඊයේ (22) සවස තරුණයින් කිහිප දෙනෙක් එක්ව ඇමක් යොදා මසුන් අල්ලමින් සිටිය දී මෙම සිදුවීම සිදුව ඇත්තේ.

මසුන් අල්ලමින් සිටි තරුණයින් අතරින් එක් තරුණයෙකු ලිස්සා වැටී ඇත.අනෙක් තරුණයන් එතැනින් පලා ගිය බව වාර්තා වේ.

එලෙස දියට වැටී අතුරුදන් වූයේ පුත්තූර් කලමති ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකී.

පලාගිය පිරිස අතර වූ තරුණයින් තිදෙනෙකු ජනතාව විසින් අල්ලා පොලිසියට භාරදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join