ජනපති නිවස වටලන්න ගිය පිරිස් කුපිතවී බස්රථයක් කුඩුපට්ටම් කරයි..අලුත්ම දර්ශන මෙන්න.(VIDEO)
Accident
Sri Lanka
Gotabaya Rajapakshe
Mirihana protests
By Aruna
මිරිහාන ජනාධිපති මන්දිරයට යන මාර්ගයේ විරෝධතාවයේ නිරත වූ ජනතාව මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර මැද ඉදිරියට ඇදෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.
අප වාර්තාකරුවන් වැඩි දුරටත් කියා සිටියේ, තත්ත්වය මැඩපැවැත්වීමට පොලිසිය සහ හමුදාව දැඩි පරිශ්‍රමයක නිරත වන බව දකින්නට ලැබෙන බවයි.
මේ අතර විරෝධතාවයේ නිරත වූවන් පිරිසක් එක්වී එම ස්ථානයේ නතර කර තිබූ බස්රථයක වීදුරු කුඩුපට්ටම් කරන ආකාරය අප මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන්ව තිබුණා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.
ඉහළ යන ජීවන වියදම, ගෑස් හිඟය සහ ඉන්ධන හිඟයට එරෙහිව ජනතාව මෙම විරෝධතාව ආරම්භ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |