අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..!

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Dec 23, 2022 09:33 AM GMT
Report

අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සං‍ශෝධන සිදුකර ඇති බවය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට්කර තිබූ බහු කාර්යය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පවරා තිබේ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ පැවති ‘වකුගඩු අරමුදල‘ සෞඛ්‍ය අමාත්‍යංශය යටතට ගැසට් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශයට අයත්ව තිබූ ‘විදාතා මධ්‍යස්ථාන‘ කර්මාන්ත අමාත්‍යංශය යටතට පත් කර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය යටතේ පැවති දේශීය ගොවි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම හා ප්‍රාථමික ආර්ථික මධ්‍යස්ථාන යන විෂයයන් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබේ.

මීට අමතරව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය යටතට ආරක්ෂණ පියවර පනත හා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත ඇතුළත් කර ඇති බව නව ගැසට් පත්‍රයේ සඳහන්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now