ඇමති ධූර කිහිපයක් වෙනස් කරන්න යයි..නව සෞඛ්‍ය අමාත්‍යවරයෙක්..

Keheliya Rambukwella Ranil Wickremesinghe Ministry of Health Sri Lanka National Health Service
By Aruna Sep 25, 2023 07:12 AM GMT
Report

නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස වර්තමාන වැවිලි කර්මාන්ත ඇමැතිවරයා වන වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත්කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සැප්තැම්බර් 30 වැනි දා ජනාධිපතිවරයා වෙත යොමුකෙරෙනු ඇති බව ද අපේක්ෂා කෙරේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ජනාධිපතිවරයා පසුගිය සතියේ කියුබාවේ සහ අමෙරිකාවේ සිදුකළ සංචාරයන්ට ප්‍රථම සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එහිදී ජනාධිපතිවරයා විසින් කෙහෙළිය රඹුක්වැල්ලට දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.

මේ අතර තවත් කැබිනට් ඇමැති ධූර කිහිපයකද වෙනසක් සිදුවනු ඇති බවටද රාවයක් පවතී.

ජනපති රටවෙනුවෙන් සුවිශේෂී තීරණයක් ගනී..ආරක්ෂක අමාත්‍යාංශටත් වහාම දැනුම් දෙයි..

ජනපති රටවෙනුවෙන් සුවිශේෂී තීරණයක් ගනී..ආරක්ෂක අමාත්‍යාංශටත් වහාම දැනුම් දෙයි..