V 8 එකක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළේ පිස්සු කෙළියි.

Ministry of Health Sri Lanka
By Wayomi Jan 25, 2023 04:22 AM GMT
Report

ඊයේ (24) සවස සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වී තිබෙනවා.

ඒ, V 8 වර්ගයේ වාහනයක් හේතුවෙන්.

අදාළ වාහනය භාර දෙන ලෙස අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලිඛිතව දැනුම් දී ඇති නමුත් අතිරේක ලේකම්වරිය මෙම වාහනය තමන්ට අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයාට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිඛිත නියෝගය නොතකා වාහනය රැගෙන යාමට උත්සාහ කිරීමේදී ගේට්ටු වසා නතර කිරීමට ඊයේ (24) පස්වරුවේ උත්සාහ කළ අවස්ථාවේදී මෙම නොසන්සුන්කාරී වාතාවරණය ඇති වූ බවයි වාර්තා වන්නේ.

එම නොසන්සුන්කාරී වාතාවරණය මැද අතිරේක ලේකම්වරිය වාහනය රැගෙන ගොස් ඇති අතර ඇයට එරෙහිව විනය පියවර ගැනීමට අමාත්‍යාංශ නිලධාරීන් පියවර ගැනීමට නියමිතයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW