පොහොර මිල දී ගැනීම සම්බන්ධයෙන් ගොවීන්ට පණිවිඩයක්.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By krishani Jul 12, 2023 05:31 AM GMT
Report

එළඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම වෙනුවෙන් වව්චර් පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ය.

ඒ අනුව ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට පියවර ගනු ලබයි.

මෙවර යල කන්නයේ දී රසායනික හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් බිලියන 11ක මුදලක් වව්චර් පත් සඳහා වෙන් කරනු ලැබී ය.

එම වව්චර්පත් බෙදා හැරීමේ දී පවතින ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගනිමින් මීලඟ කන්නයේ සිට ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමට තීරණය කර ඇත්තේ.