ජල කප්පාදුවක් සිදුවේදැයි බලා සිටින ජනතාවට ඇමතිගෙන් වැදගත් දැනුම්දීමක් - ජලාශවල තත්ත්වය මෙන්න
ඉදිරි මාස තුන තුළ වර්ෂාපතනය නොලැබුණද, ලබුගම සහ කලටුවාව ජලාශවල පවතින ජල මට්ටම අඛණ්ඩ පානීය ජල සැපයුමක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී බලාපොරොත්තු වූවාට වඩා වියළි කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකථන ඉදිරිපත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශේෂඥ තොරතුරු අනුව ලබුගම සහ කලටුවාව ජලාශවල පවතින ජල ධාරිතාව ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් බව ඔහු සඳහන් කළේය.
මේ වන විට ජල කප්පාදුවක් පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා පැවසීය. ඉදිරි මාස දෙක තුළ ජල සැපයුම සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් ඇති නොවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, කාලගුණ තත්ත්වය අනුව ඉදිරි තීරණ වෙනස් විය හැකි බවත් සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.