ඇමති ටිරාන් CIDයට..

CID - Sri Lanka Police Sri Lanka Politician Tiran Alles Sri Lanka
By krishani Aug 15, 2023 05:40 PM GMT
Report

අද (15) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ය.

පසුගිය 12 වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී ටිරාන් අලස් ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව දුමින්ද නාගමුව පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා මෙසේ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

එමෙන්ම තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් නිසා මෙම සිද්ධියේ දී ද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙලෙස කරනු ලබන චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ජනතාව කඩිනමින් දැනගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.